මේ වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙන අමෙරිකාව – ඉරානය අතර සාම සාකච්ඡා හෙට (11) පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වීමට නියමිතව ඇත.
ඒ සඳහා සියල්ල සූදානම්ව පවතින අතරවාරයේ පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් විසින් ‘X’ සටහනක් තබමින් ඊශ්‍රායලයට එරෙහිව සැර ප්‍රකාශයක් කර ඇත.
ලේ වැගිරීම්වල අඩුවක් නොමැති බවත් ඊශ්‍රායලය කලාපයේ පිළිකාවක් බවත් දුෂ්ට ඊශ්‍රායලය මනුෂ්‍යත්වයටම සාපයක් බවද පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරයි.
පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ,
“දුෂ්ට ඊශ්‍රායලය මනුෂ්‍යත්වයටම සාපයක්. ඉස්ලාමාබාද් නුවරදී සාම සාකච්ඡා පැවැත්වෙද්දී, ලෙබනනයේ සමූල ඝාතනයක් සිදුවෙනවා. අහිංසක සිවිල් වැසියන් ඊශ්‍රායලය අතින් මරුමුවට පත්වෙනවා.
මුලින්ම ගාසා තීරය, පසුව ඉරානය. දැන් ලෙබනනය. ලේ වැගිරීම්වල අඩුවක් නෑ. පිළිකාවක් බඳුයි මේ රාජ්‍යය. පලස්තීන භූමිය තුළ බිහිකළ යුරෝපීය යුදෙව්වන්, අපායේ ගින්නෙන් දැවී යනු ඇතැයි මම ප්‍රාර්ථනා කරනවා, යාච්ඥා කරනවා.”
කෙසේ වෙතත් සාම සාකච්ඡාවල මැදිහත්කාර පාර්ශ්වය මෙබඳු සටහනක් තැබීම ඊශ්‍රායලයේ දැඩි විරෝධයට ලක්ව ඇති අතර ඊශ්‍රායලය එම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමෙන් අනතුරුව පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා සිය සටහන මකා දමා ඇති බව වාර්තා වේ.

