By unusuma.lk on
(LK time)පාර්ලිමේන්තු කාරක සභාව, අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී කාරක සභාව මගින් ප්‍රමුඛතාවය ලබාදී සමාලෝචනය කළ යුතු, ක්‍රියාත්මක නොවුණු කාරක සභා නිර්දේශ මොනවාද යන්න පිළිබඳව සාකච්ජා කර ඇත.
එහිදී පාර්ලිමේන්තු කාරක සභා විසින් දෙනු ලැබූ මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක කාලයක් ලබාදීමට, පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ අදාළ වගකිව යුතු ආයතන විසින් ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව තීරණය කර ඇත.
මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් 09 වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේදී ලබාදුන් නිර්දේශවලින් 80කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කර නොමැති බව අණාවරණය වු අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යන කාරක සභා වලින් ලබා දුන්, ක්‍රියාත්මක නොවුණු නිර්දේශද ක්‍රියාත්මක කිරීමට මාසයක කාලයක් ලබාදීමට තීරණය කර ඇත.