දියවන්නාවේ වෙනසකට රජය මුලපුරයි.!

පසුගිය රජය විසින් නිසි ක්‍රමවේදයකින් තොරව පිහිටුවන ලද පාර්ලිමේන්තු කමිටු ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පියවර ගෙන ඇත. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මේ සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, ජනවාරි 31 වැනිදාට පෙර මෙම ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන ලෙස අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇත.

මේ අන්නුව, ආංශික අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තු සංසද පිහිටුවීමේ ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කිරීමටද කටයුතු කෙරෙනු ඇති අතර එකම විෂය පථය ආවරණය වන ආකාරයෙන් පිහිටුවන ලද ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක් වෙනුවට එක් කාරක සභාවක් යටතට ගැනීමට කටයුතු කිරීමට රජයේ අපේක්ෂාවයි.

පසුගිය කාලයේ දී ආර්ථිකයේ විවිධ අංශ සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක් පිහිටුවන ලද අතර, ඒවායින් සමහරක් දේශපාලන අරමුණු සඳහා පිහිටුවන ලද බවට චෝදනා එල්ල වී ඇත.

මෙම ප්‍රතිසංස්කරණය මගින් පාර්ලිමේන්තු කමිටු වඩාත් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි රජයේ අපේක්ෂාවයි. තවද, පාර්ලිමේන්තු කමිටු වල නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් ද ස්ථාපිත කිරීමට රජය කටයුතු කරනු ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.