By unusuma.lk on
(LK time)සුරතල් සතුන් සමග එකට ගැවසීමෙන් හා සෙල්ලම් කිරීම හේතුවෙන් ළමුන්ට විවිධ රෝග වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතින බව ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රොෂාන් වෙළඳගේ සදහන් කරයි.
පරවියන්, ලව් බර්ඩ්ස් වැනි කුරුල්ලන් නිසා ස්වසන රෝග ඇති වීමේ අවදානමක් පවතින බවත් කුඩා දරුවන් සිටින නිවසක සුරතල් සතුන් ඇති නොකිරීමට හැකි නම් වඩා සුදුසු බවද වෛද්‍ය රොෂාන් වෙළඳගේ සදහන් කරයි.
එක් වරක් පමණක් එන්නත් කරන ලද බල්ලන් හෝ පූසන් එක් වරක් සීරීමට හෝ හැපීමට ලක් කළහොත් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ජලභීතිකා එන්නත ලබාගැනීම කළ යුතු බවද වෛද්‍ය රොෂාන් වෙළඳගේ සදහන් කරයි.
වෛද්‍ය රොෂාන් වෙළඳගේ තවදුරටත් සදහන් කළේ,
“ජලභිතිකා රෝගය හැදෙන්න පුළුවන්, ඒක තමයි මාරන්තික. සමහර සතුන්ට හැදෙන වෛරස් රෝග බෝ වෙන්න පුළුවන්, හපනවාට අමතරව සීරිම් නිසා සිදුවන තුවාලවලිනුත් විවිධ රෝග බෝ වෙන්න පුළුවන්, මදුරුවෝ හරහා බල්ලන්ගේ සිරුරේ සිටින පණුවන් පවා ඇඟට ඇතුළු වෙන්න පුළුවන්.
සත්තුන්ගේ බූල් නිසා ඇදුම හැදෙන්න පුලුවන්, කැස්ස හැදෙන්න පුළුවන්, පීනස තියෙන අය, ස්වසන රෝග තියෙන අය ඒ වගේ සත්තු නොහදාම ඉන්න එක තමයි සුදුසු. සත්තු ගෙදර ආදායම් මාර්ගය නොවේ නම් නොහදා ඉන්න එක හොඳයි. ඉන්නවා නම් ගේ ඇතුළට, නිදාගන්න ඇඳන්වලට, ළමයා සෙල්ලම් කරන දිහාවට නොගෙන්වා ඉන්න එක හොඳයි.”