පියසේන කැඳවයි.. රාජිතට දින දෙයි.!

හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (3) අල්ලස් කොමිසමට කැඳවා තිබුනි.

පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඒ මහතා අල්ලස් කොමිසමෙන් පිටව ගිය බව වාර්තා වෙයි.

මේ අතර 2014 වසරේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමක් වෙත බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අගෝස්තු මස 29 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. 

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ මෙම විත්තිකරුවන්ට අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසයි. 

ඒ අනුව අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත අගෝස්තු මස 29 වනදා කැඳවන ලෙස නියම කළේය. 

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments