පොහොට්ටුවේ පලුවක් ගැලවී රනිල්ට එක්වෙයි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහා පලුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට සූදානම් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි.

ඉදිරියේදීත් ජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් රටට අවශ්‍ය බෙදන හෝ කයිවාරු ගහන නායකයන් නොවන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අමාත්‍ය කංචන විජේසේකර තවදුරටත් සදහන් කළේ,

” පසුගිය වසර දෙක තිස්සේ අභියෝග රැසකට අප මුහුණ දුන්නා. ඒ අවස්ථාවේදී අපි දේශපාලනය කිරීම වෙනුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ රට ඉදිරියට ගෙන යෑමට එක්වුණා. එදා පැවති ප්‍රශ්න නිසා බොහෝ දෙනෙකු කිව්වේ රට ඉදිරියට ගෙන යාමට නොහැකි බවයි. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ අභියෝගය බාරගෙන වසර දෙකක් ඇතුළත රට ඉදිරියට ගෙන ආවා.

ඉදිරි මැතිවරණවලදී කතාවට පමණක් සීමා වූ නායකයන් පත් කර නොගත යුතුයි. අපේ අනාගතය ශක්තිමත් කළ හැකි නායකයෙක් අවශ්‍යයි. අප මේ රට ඉදිරියට ගෙනයාමට එතුමාට සහාය නොදුන්නා නම් අද රටේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා. ඉදිරියේදීත් අප ජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඊළඟ මැතිවරණයේදී ඔබට ලැබෙන එම ප්‍රතිලාභ අහිමි කර ගන්නවාද.? එසේ නොමැතිනම් මේ ආකාරයටම ඉදිරියට යනවාද කියා කල්පනා කළ යුතුයි.

මේ රටට අවශ්‍ය බෙදන හෝ කයිවාරු ගහන නායකයන් නෙවෙයි. මේ රටට අවශ්‍ය ජනතාව වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගත හැකි නායකත්වයක්. එවැනි නායකත්වයක් අද රටට ලැබී තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පස්සෙ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි පොදු ජන පෙරමුණේ මහා පලුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට සූදානම් බවත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.”

මාතර සංවිධානය කර තිබු ජන හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close