පොලීසිය ස්මාර්ට් වෙයි.. දඩය තැපෑලෙන් ගමේ පොලීසියට.!

කොළඹ නගරයේ CCTV පද්ධතිය හරහා හඳුනාගත් මාර්ග නීති කඩ කළ රියදුරන් 4500කට අධික පිරිසකට රථ වාහන දඩ නියම කළ බව පොලි මූලස්ථානය පවසයි.

අදාළ වැරදි සම්බන්ධයෙන් දඩ පත්‍රිකා අදාළ රියදුරන්ට ලබාදීම සඳහා රථවාහන අංශයේ සීසීටීවී කැමරා මගින් හසුකරගත් අදාළ වැරදි පිළිබඳ වීඩියෝ සාක්ෂි පොලිස් ස්ථාන වෙත යොමුකර ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය..

කොළඹ CCTV පද්ධතිය ඔස්සේ මාර්ග නීති කඩ කරන රියදුරන් හඳුනාගැනීමේ අරමුණින් පොලිසිය විශේෂ වැඩසටහනක් ජනවාරි 22 වැනිදා ආරම්භ කළ නමුත් මාර්ග නීති කඩකරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ පෙබරවාරි පළමුවැනිදා සිටයි.

මංතීරු නීතිය උල්ලංඝණය කිරීම, මාර්ග සංඥා නොපිළිපැදීම, තහනම් ස්ථානවල වාහන නැවැත්වීම සහ ආලෝක සංඥා නොතකා රිය ධාවනය කිරීම වැනි මාර්ග නීති කඩකිරීම් සීසීටීවී කැමරා මගින් අනාවරණය කරගෙන ඇත.

“පළමු සති කිහිපය තුළ අපි දිනකට රියදුරන් 100 කට පමණ හඳුනාගෙන දඩ ප්‍රවේශපත්‍ර නිකුත් කළා, කෙසේ වෙතත්, මෑතක සිට මාර්ග නීති කඩ කිරීම් හඳුනාගැනීමේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන්වා, බොහෝ රියදුරන් තමන් නිරීක්ෂණය කරන බවත් බොහෝ විට මාර්ග නීති රීති අනුගමනය කරන බවත් දන්නවා” .එම නිලධාරියා පැවසීය.

එමෙන්ම ව්‍යාජ අංක තහඩු යොදා වාහන ධාවනය වන සිද්ධීන් කිහිපයක් ද හඳුනාගෙන ඇති බව එම නිලධාරියා පැවසීය. රථවාහන නීති උල්ලංඝණය කරමින් තිබූ මෝටර් රථයේ අංක තහඩුව පරීක්ෂා කිරීමේදී ඒවා ව්‍යාජ අංක තහඩු බව අනාවරණය වූ බව ඔහු පැවසීය. ඔවුන් එවැනි සිදුවීම් අදාළ පොලිස් ස්ථාන වෙත දන්වා පරීක්ෂණ ආරම්භ කර ඇත.

නීති කඩ කිරීම් සම්බන්ධයෙන් අනාවරණය වී ඇති බොහෝ රියදුරන් යතුරුපැදිකරුවන්, ත්‍රිරෝද රථ රියදුරන් සහ බස් රථ රියදුරන් බව වාර්තා වේ..

නීති උල්ලංගණය කිරීමක් අනාවරණය වූ විට, එම තොරතුරු අපරාධය සිදු වූ පොලිස් ස්ථානයට සහ වාහනයේ ලියාපදිංචි හිමිකරු පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයට ද යවනු ලැබේ. එබැවින් වරදකරුට එම ප්‍රදේශ දෙකෙන් කවරකින් හෝ දඩය ගෙවිය හැකිය.

තවදුරටත් මෙරට සීසීටීවී පද්ධතිය වැඩිදියුණු කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටින බව එම නිලධාරියා පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close