එළඹෙන අලුත් අවුරුදු උත්සව සමයේ අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී ‘ලිස්සන ගස’ පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සදහන් කරයි.
එමගින් අනතුරක් සිදු වූයේ නම් එහි වගකීම අවුරුදු උත්සවයේ සංවිධායක මණ්ඩලයට මුළුමනින්ම පැවරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සදහන් කරයි.
උත්සවය වෙනුවෙන් ලිස්සන ගස් සවි කිරීමේදී නියමිත ප්‍රමිතීන් අනුගමනය කර සවි කළ යුතු අතර, ලිස්සන ගසක් කඩා වැටී යම් අනතුරක් හෝ දිවි තොරවීමක් සිදුවුවහොත් එය ඉතාම වරදක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංවිධානය කරන අවුරුදු උත්සව පොලිස් ස්ථාන සමග නිසි සම්බන්ධීකරණයක් සහිතව පවත්වන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
තවද සංගීත සංදර්ශන පවත්වන්නේනම් ඊට පෙර පොලිස් ස්ථාන වලින් අවසර ලබාගෙන තිබිය යුතු බවත් හිතුමතේ සංගීත සන්දර්ශන පැවැත්වීමට අවසර නොදෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සදහන් කරයි.