මේ ආණ්ඩුව රට ගොඩනගන බවත් මේ ආණ්ඩුව දරුවන්ගේ අනාගතය හදන බවත් මේ ආණ්ඩුව දූෂිතයින්ට දඬුවම් දෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“මතක තබාගන්න මේ රටේ ජනතාව තමයි මේ ආණ්ඩුව රකින්නෙත්, මේ ආණ්ඩුව ගෙනාවෙත්. එනිසා අපි හැම වෙලාවේම මේ ජනතාව එක්ක ඉන්නේ. අපි ගන්න හැම තීන්දුවක්ම කුඩා කුඩා කල්ලි වල ඕනකමට මේ ආණ්ඩුව නටවන්නත් බෑ. නැටවෙන්නෙත් නෑ.
ගන්නෙත් නෑ එහෙම තීන්දු. මේ ආණ්ඩුව හැම වෙලාවේම තීන්දු ගන්නේ මේ පොදු ජනතාව වෙනුවෙන්. එනිසා අපි හිතනවා විශාල කඩඉමකට ඇවිල්ලා තියෙනවා. ලොකු හැරවුවමකට ඇවිල්ලා තියෙනවා. අවුරුදු දෙකක් ගිහිල්ලා තියෙනවා.
තව අවුරුදු තුනක් තියෙනවා. තව වාර ගොඩක් තියෙනවා. මතක තියාගන්න තව වාර ගොඩක් තියෙනවා. නැද්ද. තව වාර නැද්ද. තව වාර ගොඩක් තියෙනවා. මේ ආණ්ඩුව තමයි රට ගොඩනගන ආණ්ඩුව. මේ ආණ්ඩුව තමයි අපේ දරුවන්ගේ අනාගතය හදන ආණ්ඩුව.
මේ ආණ්ඩුව තමයි රටේ ජාතික සමගිය හදන ආණ්ඩුව. මේ ආණ්ඩුව තමයි ඕනෑම අර්බුදයකට ඔරොත්තු දෙන්න පුළුවන් ආර්ථිකයක් හදන ආණ්ඩුව. මේ ආණ්ඩුව තමයි නීතිය විධානය ආධිපත්‍යය තහවුරු කරන ආණ්ඩුව. මේ ආණ්ඩුව තමයි දූෂණයෙන් තොර පාලනයක් හදන ආණ්ඩුව.
මේ ආණ්ඩුව තමයි දූෂිතයින්ට දඬුවම් දෙන ආණ්ඩුව. මේ ආණ්ඩුව තමයි ජාත්‍යන්තරයේ අපේ රටේ බැබළෙන දිදුලන රටක් බවට පත් කරන ආණ්ඩුව. මේ ආණ්ඩුව අවුරුදු දෙකයි රටට සුබයි. අපි හැමදෙනාම ඒ වෙනුවෙන් එකතු වෙමු.”

