පාලකයා ප්‍රතිපත්තිගරුක නම් රට සෞභාග්‍ය වෙනවා

අපරාධ මර්දනය කිරීමෙන් පමණක් යහපත් රටක් නිර්මාණය කරගත නොහැකි බවත්, ජනතාවගේ ආර්ථිකය ද ශක්තිමත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ඒ සම්බන්ධව බුද්ධ දේශනාවේ සඳහන්ව තිබීම තුළින් බුදු දහම කෙතරම් ප්‍රායෝගික දර්ශනයක් දැයි අවබෝධ වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“කිසියම් රාජ්‍යයක ස්ථාවරත්වය හෝ අස්ථාවරත්වය තීරණය වන්නේ රටේ පාලනය කරන පාලකයන්ගේ ක්‍රියාකලාපය මත බව. 

පාලකයා ධාර්මික වෙනවා නම්, පාලකයා ප්‍රතිපත්තිගරුක වෙනවා නම් රට සෞභාග්‍යය කරා ගමන් කරනවා. පාලකයා දූෂිත වෙනවා නම්, අධාර්මික වෙනවා නම් මුළු රටම අරාජික වෙනවා. 

මේ කාරණය සකල විධ රාජ්‍යයන්ට අදාළයි. ඒ නිසයි බුදු දහම ප්‍රායෝගික සහ සර්වකාලීන දහමක් බවට පත් වෙන්නේ.”

අද (28) දින ආරම්භ වූ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය කැලණිය නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel