රජය විසින් හඳුන්වාදී ඇති නව ආර්ථික සහන පැකේජයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
අදාළ සහන පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (07) දහවල් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

