සන්නද්ධ හමුදාව සහ ජාතික ආරක්ෂාව ගැන ජනපති ගත් තීරණය.!

ජාතික ආරක්ෂක සභාව නීතිගත කිරීම හා සන්නද්ධ හමුදා කමිටුව පත් කිරීමටත් කටයුතු කරන බවත් ආරක්ෂක විශේෂ විධිවිධාන පනත ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

එසේම සන්නද්ධ සේවයේ නිරත වන පිරිසට, විශ්‍රාම ලැබුවන්ට සහ සිවිල් පුරවැසියන්ට ද යුද උපක්‍රම පිළිබඳ අධ්‍යයනය කිරීමට අවස්ථාව සලසා දෙමින් Sri Lanka Institute of strategic studies ආයතනය ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,

” සන්නද්ධ හමුදාව සහ ජාතික ආරක්ෂාවේ අනාගතය පිළිබඳ අපගේ අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව 2030 දක්වා අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳ වෙනම උපදේශක කමිටුවක් පත් කර තිබෙනවා. ඉදිරියේ දී එම වාර්තාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වන අතර සියලුදෙනාට ඒ පිළිබඳ සාකච්ඡා කර අදහස් ලබා දීමට අවස්ථාව සැලසෙනවා.

2030 වන විට මෙරට ජාතික ආරක්ෂාව තුළ ඇති වන තත්ත්වයන්ට මුහුණ දීමට අප සූදානම් විය යුතුයි. එහිදී ත්‍රිවිධ හමුදාවේ වගකීම් හදුනාගෙන නිසි සැලැස්මක් අනුව රටේ සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ඉදිරියට යා යුතුයි. ඒ සමඟම ආරක්ෂක විශේෂ විධිවිධාන පනත ඉදිරිපත් කිරිමට ද මම බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම ජාතික ආරක්ෂක සභාව නීතිගත කිරීමට පාස්කු ඉරිදා කොමිෂමේදීත් සඳහන් කළා. එය කිරීම අවශ්‍යයි. එය නීතිගත කිරීමට වගේම සන්නද්ධ හමුදා කමිටුව පත් කිරීමටත් කටයුතු කරනවා.

ඒ වගේම සන්නද්ධ සේවයේ නිරත වන පිරිසටත්, විශ්‍රාම ලැබු පිරිසට වගේම සිවිල් පාර්ශ්වයන්ටත් යුද උපක්‍රම පිළිබඳ අධ්‍යයනය කිරීමට Sri Lanka Institute of strategic studies නමින් වෙනම ආයතනයක් ඇති කරනවා. ඒ අනුව කැමති පිරිසට එම වැඩකටයුතු සඳහා සහභාගි විය හැකියි.මෙම ආරම්භ කර තිබෙන වැඩකොටස සමග ආරක්ෂක හමුදාව ප්‍රතිව්‍යුගත කිරීම සිදු වෙනවා.”

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මුලස්ථාන සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS