ජනපති රනිල්.. අගමැති නාමල්.. පොහොට්ටුව දැඩි තීරණයක.!

තවත් මාස කිහිපයකින් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බැවින් ඒ සදහා සහාය ලබාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය අතර තීරණාත්මක හමුවක් ඉදිරි සතිය තුළ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

පොදුජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීම සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටින අතර තවත් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් නාමල් රාජපක්ෂ ප්‍රධාන කොටගෙන කටයුතු කරමින් සිටියි.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරුන් සදහන් කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහට පොදුජන පෙරමුණ පක්ෂයේ සහාය ලබා දෙනවානම් නව ආණ්ඩුවේ අගමැති ධුරය නාමල් රාජපක්ෂට ලබාදිය යුතු බවයි.

මෙම කණ්ඩායම් දෙක අතර පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් මෙම විශේෂ හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close