ජනපති මාතරදී බලය පෙන්වයි.!

වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් අද (30) මාතර කොටුව ක්‍රිඩාංගණයේදී “එක්ව ජයගමු – අපි මාතර” මැයෙන් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ ජනරැළියට විශාල ජනකායක් සහභාගී වී සිටියහ.

එම රැළිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොවන බවත්, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාමට කැපවීම බවත්ය.

පසුගිය දෙවසර තුළ රටට ආදරය කරන සියලුදෙනා සමඟව නිහඬවම රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ ජනාධිපතිවරයා මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාමට සියලුදෙනාගේ කැපවීම අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නව දේශපාලන ගමනක ආරම්භය අද මාතරින් සනිටුහන් වූ බවයි. එහිදී රට පෙරට – පක්ෂ දේශපාලනය පසුවට තබා මෙම වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස විපක්ෂයට ද ආරාධනා කළ ජනාධිපතිවරයා සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනඟන්නේ කෙසේද යන පාඩම එවිට තමන්ගෙන් ඉගෙන ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන බවද සිහිපත් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close