ඉදිරි පැය 24 අවදානම්.. කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්.!

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇත.

ඉදිරි පැය 24 සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇති අතර අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව සඳහා එම නිවේදනය නිකුත් කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 06ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 68 අතර මුහුදු ප්‍රදේශවල) ඉතා තද සුළං (පැ.කි.මී. 70 – 80) පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close