Advertisements

අවසන් තරගය ජයගත් රුමේෂ් තරංග ඉතිහාසගත වෙයි

LIVE

2026 ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්විය.

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති මෙම අවසන් තරගය මෙරට වේලාවෙන් අද (06) අලුයම අවසන් වූ අතර එහිදී රුමේෂ් තරංග මීටර් 89.04ක දුරක් විසි කරමින් මෙම දක්ශතාව දැක්වීය.

ඒ අනුව ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් ජයගත් පළමු සහ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග වාර්තා අතරට එක්විය.

මෙම අවසන් තරගයේදී රුමේෂ් තරංගට ප්‍රබල අභියෝගයක් එල්ල කළ පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර් දෙවන ස්ථානය දිනාගත් අතර ඔහු මීටර් 87.47ක දුරක් විසි කළේය.

1 Comment
Most Voted
Newest Oldest