රුසියානු යුද්ධයේ පැටලී සිටිනා ශ්‍රී ලාංකිකයින්ගේ සියලු තොරතුරු සොයාගනී.. 17ක් මියගොස් 121ක් අතුරුදන්.!

රුසියා විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ රුසියානු යුක්‍රේන යුද්ධයට අනුයුක්තව ශ්‍රී ලාංකීය රණවිරුවන් 464 දෙනෙක් සේවයේදී සිටිනා බවත් ඒ අතරින් 17 දෙනෙකු මෙවන විට මියගොස් ඇති බවත් තවත් 121 දෙනෙක් අතුරුදහන්ව සිටිනා බවත්ය.

පසුගියදා මෙරටෙන් රුසියාව බලා පිටත් වූ පාර්ලිමේන්තුරු මන්ත්‍රීවරු ඇතුළු දූත පිරිස විසින් එරටදී සිදුකළ සාකච්ඡා අතරතුරදි මෙම කරුණු අනාවරණය කර ගැනීමට හැකි වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම තවත් ශ්‍රී ලාංකිකයන් 72ක් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටිනා බවද එහිදී අනාවරණය වී ඇති අතර මෙරට දූත පිරිස විසින් එම තුවාල ලබා සිටින පිරිසේ සුව දුක් බැලීම සඳහා රුසියානු රජයෙන් අවසර ඉල්ලා ඇති නමුත් රුසියාව විසින් එම එල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවේ.

එමෙන්ම රුසියානු සාකච්ඡාවලින් අනතුරුව මෙරටට පැමිණි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කටුනායක ගුවන්තොටුපොළේදී අදහස් දක්වමින් පවසා සිටියේ එරටදී මිය ගිය රණවිරුවන්ගේ මෙරට සිටින ඥාතීන් රුසියාවට කැඳවා එම වන්දි මුදල් ලබාදීම සඳහා කටයුතු කිරීමට රුසියානු බලධාරීන් එකඟ වූ බවයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close