සාගලට කොළඹ බාරයි.. දැන් ඉතින් වැඩ කරන්න.!

නාගරික සංවර්ධන අධිකාරිය හා කොළඹ නගර සභා යටතේ කොළඹ නගරය අලංකාර පිරිසුදු නගරයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපතිවරයා විසින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ අධීක්ෂණය යටතට පත් කර ඇත.

ජනාධිපතිවරයාට ලැබුණු පැමිණිලි අනුව මෙම පියවර ගෙන ඇති අතර කොළඹ නගර සභා නියෝජිතයන් නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ ආයතන නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවත්වා ඇත.

ඒ අනුව කොළඹ නගරය අලංකාර පිරිසුදු නගරයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය මෙන්ම නගරය අලංකාර ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම නිලධාරීන්ට සාගල රත්නායක උපදෙස් ලබාදී ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close