සාමය යන වචනය ලොව පුරා පැතිරවූ “සාම පාගමන” අප්‍රේල් (21) මෙරටදී ආරම්භ කිරීමට නියමිතව ඇත.
“සාම පාගමන” වෙනුවෙන් ඇමරිකානු සාම පාගමන සඳහා නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ 12 නමක් මේ මස (21) වනදා මෙරටට වැඩම කිරීමට නියමිතය.
ලබන අප්‍රේල් මස (21) වනදා ආරම්භ විමට නියමිත “සාම පාගමනට” රාජ්‍ය අනුග්‍රහය ලබාදීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.
Clean Sri Lanka ලේකම් කාර්යාලයේද දායකත්වය යටතේ පැවැත්වීමට නියමිත මෙම “සාම පාගමනට” එක් වන භික්ෂූන්වහන්සේගේ දානය සහ ගිලන්පස සූදානම් කිරීම, සනීපාරක්ෂක කටයුතු මෙන්ම ආරක්ෂාව සැපයීම ඇතුළු සංවිධාන කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

