බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ සුවදුක් විමසා බැලීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව මැගසින් බන්ධනාගාරය වෙත ගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය (30) වැනිදා බන්ධනාගාරය වෙත පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමන් ඒකනායක හමුවී ඇති අතර ඔවුන් පැයකට ආසන්න වේලාවක් කතාබස් කර ඇති බව වාර්තා වේ.
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස (11) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

