එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලංකා සතොසින් භාණ්ඩ වර්ග 100ක මිල ගණන් අඩුකර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.
ඒ අනුව දැනට වෙළෙඳපොළේ පවතින භාණ්ඩ වර්ග 100ක් පාලන මිලටත් වඩා අඩුවෙන් 40%ක ඩිස්කවුන්ට් වලට ලංකා සතොසින් මිලදී ගැනීමට හැකි බවද අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.
ලංකා සතොසින් මිලදී ගැනීමට හැකි ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහතින්..
සුදු නාඩු කිලෝවක් රුපියල් 217යි
සුදු කැකුළු කිලෝවක් රුපියල් 203යි
පාන් පිටි කිලෝවක් රුපියල් 254යි
හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 1,050යි
පරිප්පු කිලෝවක් රුපියල් 264යි
බී ලූනු කිලෝවක් රුපියල් 150ත් – 160ත් අතර
භාණ්ඩ මිලදීගනීමේදී සෑම භාණ්ඩයකටම සීමාවක් තිබෙන අතර මෙම සහනය පාරිභෝගිකයන්ට දුන් සහනයක් බවත් ලංකා සතොසින් රුපියල් 2500කට වැඩියෙන් භාණ්ඩ මිලදීගන්නා පාරිභෝගිකයන්ට ත්‍යාග දිනාගැනීමේ ක්‍රමවේදයක්ද හඳුන්වා ඇති බවද අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.
අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ,
“රුපියල් 2500කට වැඩියෙන් භාණ්ඩ මිලදීගන්න සෑම කෙනෙක්ටම කූපන් පතක් ලැබෙනවා ලොතරැයි දිනුම් ඇඳීමකට. එනිසා සතොසට ආවොත් කාර් එකෙන් නැත්නම් බයිසිකලෙන් යන්න පුළුවන්. රුපියල් 2500කට වැඩියෙන් භාණ්ඩ ගන්න, වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න.”
අද (20) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මේ බව සඳහන් කරයි.
