සිනොපෙක් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි.!

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද ඉන්ධන මිල සංශෝධනය කළ බව නිවේදනය කර ඇත..

නව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩු කිරීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 344ක් ලෙස සඳහන් වේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව රුපියල් 379ක් වන අතර එය රුපියල්‍ 41කින් පහළ දමා ඇත.

සිනොපෙක් සමාගමද ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නොමැති අතර, එය රුපියල් 314ක්ව පවතී.

එමෙන්ම සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 22කින් පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 355ක් ලෙස දැක්වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close