පොහොට්ටු මන්ත්‍රීවරු 12ක් සජබට.!

සමගි ජන බලවේග පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසූවේ ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12ක් සමගි ජන බලවේගය මූලිකත්වයෙන් පිහිටුවන සමගි ජන සන්ධානය වෙත එක්වීමට නියමිත බවයි.

එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සමගි ජන සන්ධාන පක්ෂය සුදුසු තනතුරු ප්‍රදානය කිරීමට නියමිත බවත් එමෙන්ම මිතුරු දෙමළ ජාතික පක්ෂ සහ මුස්ලිම් ජාතික පක්ෂ ඇතුළු දේශපාලන පක්ෂවල සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30ක් සමගි ජන සන්ධානය සමග අලුතෙන් එක්වීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය පක්ෂයේ මූලිකත්වයෙන් නව සන්ධානයක් ලබන මස පිහිටුවීමට නියමිත බවත් ජනතාව මුහුණ දෙන සියළු ගැටලුවලට විසඳුම් ඇතැතිව තම කණ්ඩායම මැතිවරණ තරග බිමට පිවිසෙන බව ද මහලේකම් වරයා වැඩිදුරටත් පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close