“අනේ අපට සමාවෙන්න” ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් විශේෂ ප්‍රකාශයක්.!

ලංකා කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියාසිටියේ කණ්ඩායමක් වශයෙන් මුළු රටෙන්ම සමාව ඉල්ලන බවත් කණ්ඩායමේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වීම ගැන ඔවුන් කනගාටුවට පත්වන බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්,

“අපි ගොඩක් කනගාටු වෙනවා කණ්ඩායමක් විදිහට අපේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු කඩාවැටුනු එක ගැන. අපි සමාවෙන්න කියලා ඉල්ලනවා. අපිට ආපු කටයුත්ත කරගන්න නොහැකි වුණා කණ්ඩායමක් විදිහට. අපි ගහපු තරග දෙකේදිම අපේ පිතිකරුවන් තමයි පසුබෑමකට ලක් වුණේ. පන්දු යවන්න සහ පන්දු රකින්නන් ඉතාමත්ම හොඳට ඒ ගහපු ඒ සුළු ලකුණු ප්‍රමාණයෙන් පවා හොඳ තරගයක් ලබාදුන්නා තරග දෙකේදීම. නමුත් අවසනාවකට අපි පරාජය වුණා. මේ වගේ තරගාවලියකිදී එක තරගයක් හෝ පරාජය වීම මම හිතන්නේ ඉතාමත්ම අමාරුයි ඉදිරියට එන්න. අපි පළමු තරග දෙකෙන්ම පරාජය වුණාට පස්සේ ගොඩක් අමාරු වුණා. ඒ වගේම අවාසනාවකට නේපාල තරගයටත් වැස්සෙන් බාධා එල්ල වුණා. අපිට ඉතුරුවෙලා තියෙන්නේ එක තරගයයි. ඒ තරගයවත් හොඳින් ක්‍රීඩා කරලා එක් ජය ගන්න බලාපොරාත්තු වෙනවා.  අපිට ගොඩක් සහාය දෙනවා අපේ ප්‍රේක්ෂකයින් අපි බොහොමත් කනගාටුයි ඔවුන්ට කිසිදෙයක් ලබාදෙන්න බැරි වුණ එක ගැන. අපිට කියන්න තියෙන්නේ එකම දෙයයි. සමාවෙන්න කියලා. අපි කවුරුත් තරගයක් පරදින්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි හැමතිස්සේම ජයගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට ඒදේ කරගන්න බැරි වුණා මේ තරගාවලියේදී.”     

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close