ලංකාවේ පාස්පෝට් එකට ලෝකයේ ඉහළ තැනක්.!

ගෝලීය උපදේශන සමාගමක් වන Nomad Capitalist විසින් රටවල් 199ක් පදනම් කරගනිමින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයට ඇති පිළිගැනීම ඉහළ ගොස් ඇත.

එම රටවල විදේශ ගමන් බලපත්‍රවල ශක්තිමත් බව ප්‍රකාශයට පත්කිරීමට Nomad Capitalist ආයතනය නිර්ණායක 5ක් පදනම් කරගනු ලබන අතර එම වාර්තාවේ 171 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 168 වන ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉහළට පැමිණ ඇත.

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය රටවල් 57 කට වීසා රහිතව හෝ පැමිණීමේ වීසා (on arrival visa) මත සංචාරය කිරීමට හැකිවීමත් මෙම ඉහළ යෑමට එක් හේතුවක් වී ඇත.

නවතම වාර්තාවට අනුව මෙම වසරේ ලොව ඉහළම පිළිගැනීම ඇති විදේශ ගමන් බලපත්‍රය අයර්ලන්තයට හිමිවන අතර දෙවන ස්ථානය ස්විට්සර්ලන්තය සහ ග්‍රීසියට හිමිව ඇත. 

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments