ජීවිත 31ක් බිලිගත් ප්‍රචණ්ඩ කාලගුණය.!

මේ වනවිට දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 31ක් ගතවූ දින 10ක කාලය තුළ සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

අයහපත් කාලගුණය හේතුවෙන් ඌව පළාතෙන් පුද්ගල මරණ 18ක්, සබරගමුව පළාතෙන් 7ක්, මධ්‍යම පළාතෙන් 4ක්, දකුණු පළාතෙන් සහ වයඹ පළාතෙන් පුද්ගල මරණ එක බැගින් වාර්තා වේ.

තවමත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇති බවත් පුද්ගලයින් 10 දෙනෙකු මේ වනවිට තුවාල ලබා ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව පසුගිය නොවැම්බර් මස 17 වන දින සිට අද (27) දක්වා දිස්ත්‍රික්ක 17ක් ආපදාවට ලක්ව ඇති අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79ක් ආපදාවට ලක්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

පවුල් 136කට අයත් පුද්ගලයින් 472 දෙනෙකු මේ වනවිට ඥාති නිවාසවල ආපදා හේතුවෙන් නතර වී සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments