වැඩබලන අගවිනිසුරු පත් කරයි.!

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දී ඇත.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විදේශගත වීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කරනු ලැබ තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments