අරගලය

අරගලයේ බඩු වෙන්දේසි වෙයි.. බාරගන්න කෙනෙක් නෑලු.!

අරගලයේ බඩු වෙන්දේසි වෙයි.. බාරගන්න කෙනෙක් නෑලු.!

2022 මැයි 09 වැනි දින ගාලුමුවදොර අරගල බිම් ගැටුමෙන් පසු පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ භාණ්ඩ මාස දෙකක් ඇතුළත වෙන්දේසි කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ, ඒ එම භාණ්ඩවලට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

2022 අප්‍රේල් 09 වැනිදා අරගලය ආරම්භ වී මාසයකට පසු එම වසරේම මැයි 09 වැනිදා එවකට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට සහය පළ කළ පිරිසක් සහ අරගල කරුවන් අතර ගැටුමක් ඇති විය, ඉන් අනතුරුව වාහනවලට ගිනි තැබීම්, දේපළවලට අලාභහානි, දේශපාලකයන්ගේ නිවාස ගිනි තැබීම ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් සිදුවූ අතර මේ කාලය තුළ පොලිසිය භාරයට ගත් නඩු භාණ්ඩ කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එම භාණ්ඩවලට අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාදීර මහතා හමුවේ කැඳවූ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එම දේපළ මාස දෙකක් ඇතුළත වෙන්දේසි කර එම මුදල අධිකරණයේ තැන්පත් කරන ලෙසයි.

පැදුරු, කොට්ට, ජෙනරේටර් ඇතුළු භාණ්ඩවල අයිතිය වෙනුවෙන් කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් විනිසුරුවරයා මෙම තීන්දුව ලබා දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ විමර්ශන කටයුතු අවසන් කර ඇති අතර උපදෙස් ලබා ගැනීම සඳහා ලිපිගොනුව නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මියගොස් ඇති බව පොලිසිය අධිකරණයට ප්‍රකාශ කළ අතර, මිලාන් ජයතිලක, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සෙසු සැකකරුවන් 36 දෙනාගෙන් 30 දෙනෙක් අද (22) විවෘත අධිකරණයේ පෙනී සිටියහ. මෙම සිද්ධියට අදාළ නඩුව නොවැම්බර් 6 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිතයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close