එංගලන්තය

අනුරට ලන්ඩනයෙන් උණුසුම් පිළිගැනීමක්.!

අනුරට ලන්ඩනයෙන් උණුසුම් පිළිගැනීමක්.!

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ජාතික ජන බලවේගය පාක්ෂික හමුවක් ආමන්ත්‍රණය කිරීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අනුර කුමාර දිසානායක 13 වනදා Heathrow ගුවන්තොටුපලින් ලන්ඩන් නගරයට ළඟා විය.

එහිදී එරට වෙසෙනා ජාතික ජන බලවේගය පක්ෂිකයින් අනුර කුමාර දිසානායක උණුසුම් අන්දමින් පිළිගත් බව වාර්තා වේ.

එමෙන්ම ඔහු අද (ජූනි 15 වෙනිදා) පස්වරුවේ Crystal Grand, 3 Bath Rd හිදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුව ආමන්ත්‍රණය කිරීමට නියමිතයි.


Loading

ශ්‍රී ලාංකීය සරණාගතයෙක්ට එංගලන්තයේ නගරාධිපති දඬුවමක්.!

ශ්‍රී ලාංකීය සරණාගතයෙක්ට එංගලන්තයේ නගරාධිපති දඬුවමක්.!

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, Ipswich Borough හි නගරාධිපතිවරයා ලෙස කවුන්සිලයේ වාර්ෂික රැස්වීමේ ඒකමතික ඡන්දයෙන් මෙරට සිට ලන්ඩන් නුවරට සරණාගතයෙකු ලෙස සංක්‍රමනය වූ ලාංකීක දෙමළ ජාතිකයෙකු තේරේ පත්වී ඇති බවයි.

විදේශ මාධ්‍ය වාර්තා කර තිබුනේ එංගලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙන්වාදීමට මෙම සිදුවීම හොඳ උදාහරණයක් බවයි.

මෙම ධුරයට පත්වීම සම්බන්ධයෙන් තමන් ආඩම්බර වන බව ධුරය භාර ගැනීමෙන් පසු ඉංගෝ එලවලකන් මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

එහි දී ඔහු කියාසිටියේ,

“යුද්ධයෙන් සහ පීඩාවෙන් පලා ගිය, නව ජීවිතයක් ගොඩනඟා මෙහි සමාජයට දායක වූ සරණාගතයෙකුගේ නිවේදනය, පණිවිඩයක් ලබා දෙනු ඇත,” යනුවෙන් ය.

ශ්‍රී ලංකාව හැර ගිය එලවලකන් මහතා එක්සත් රාජධානියට යාමට පෙර ඉන්දියාවේ, උගන්ඩාවේ සහ රුවන්ඩාවේ ජීවත් වී රැකියාවල නිතර වූ බව සඳහන්.

ඔහු ප්‍රථමයෙන් නැගෙනහිර ලන්ඩනයේ ඉල්ෆෝර්ඩ් වෙත ගොස් 2006 දී ඉප්ස්විච් වෙත පැමිණියා.

“මම ඉප්ස්විච් හි එක් ව්‍යාපෘතියක් සඳහා මෙහි පැමිණි විට, මිනිසුන් ඉතා මිත්‍රශීලී බව මට දැනුණා” යැයි ඔහු කියා සිටියේ. 

ඔහු 2014 දී ශාන්ත ජෝන් වාට්ටුවේ කම්කරු මන්ත්‍රීවරයෙකු බවට පත් වුණා.

විවිධ රටවල ජීවත් වී විවිධ ජීවන රටාවන් අත්විඳ ඇති මම සෑම විටම අවශ්‍ය අයට උපකාර කිරීමට උනන්දු වන බව ද ඔහු ප්‍රකාශ කළා. 

කෙසේ වෙතත්, එලවලකන් ඉන්දීය උප මහාද්වීපයේ පළමු Ipswich නගරාධිපතිවරයා නොවන බව සඳහන්. 

Kavas Jamas Bashah මුම්බායි හි උපත ලැබූ අතර ඔහු 1925 දී නගරාධිපති බවට පත් වුණා.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close