ගංවතුර

කඩුවෙලත් යටවෙයි.. අදිවේගය වසා දමයි.!

කඩුවෙලත් යටවෙයි.. අදිවේගය වසා දමයි.!

මාර්ග සංවර්ධන අධිකාරිය පවසා සිටියේ මේ වනවිට කැලණි ගඟ පිටාර ගලා බියගම මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව මුළුමනින්ම ජලයෙන් යටවීමෙන් කඩුවෙල අන්තර් හුවමාරු මධ්‍යස්ථානය වසා දැමීමට සිදුවූ බවයි.

එම අධිකාරිය ජනතාවට දන්වා සිටින්නේ කඩවත දෙස සිට පැමිණ කඩුවෙල දෙසට පිටවන සහ කඩවත දෙසට ඇතුළුවන වාහන සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති හෙයින් විකල්ප මාර්ග භාවිත කරනා ලෙසයි.

Loading

හොරණ ප්‍රදේශයේ ගංවතුරට කොටුවූ 85ක් බෝට්ටු යොදවා මුදා ගැනේ.!

හොරණ ප්‍රදේශයේ ගංවතුරට කොටුවූ 85ක් බෝට්ටු යොදවා මුදා ගැනේ.!

හොරණ වගවත්ත ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි සිටි වැඩිහිටි සහ කුඩා දරුවන් ඇතුළු පුද්ගලයන් 85 කට ආසන්න කණ්ඩායමක් මාවක් ඔය පිටාර ගැලීම හේතුවෙන් එම හෝටලය තුළ කොටුව සිටියදී පොලිස් නිලධාරීන් සහ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් මුදාගෙන තිබේ.

ඒ පිළිබඳ හොරණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල වෙත තොරතුරු දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව අදාල කණ්ඩායම බෝට්ටු යොදා ගනිමින් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කළ බව අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසීය.

Loading

රෝහල් වල රෝගීන් හෙලිකොප්ටර් යොදවා මුදාගනී.. ගිං ගඟ උතුරා පිරිසක් අතුරුදන්.!

රෝහල් වල රෝගීන් හෙලිකොප්ටර් යොදවා මුදාගනී.. ගිං ගඟ උතුරා පිරිසක් අතුරුදන්.!

ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අමිල චන්ද්‍රසිරි මහතා පැවසූවේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව රෝහලට පිවිසෙන සියලුම මාර්ග මේ වනවිට ජලයෙන් යටවිම හේතුවෙන් එම රෝහලේ සිටින සියලුම ගැබිනි මව්වරුන් සහ හදිසි රෝගින් ගුවන් මගින් උඩුගම රෝහල වෙත රැගෙනයාමට පියවර ගෙන ඇති බවයි.

මේ අතර ගිංගඟ පිටාර ගැලිම හේතුවෙන් තවලම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකු අතුරුදහන්ව ඇති බව ගාල්ල වැඩ බලන දිස්ත්‍රික් ලේකම් චමි රාජකරුණා මහත්මිය පැවසීය.

එමෙන්ම වැඩබලන ලේකම් වරිය පැවසූවේ තවලම,නෙළුව, උඩුගම,හිනිදුම ආදි ප්‍රදේශවල පිඩාවට පත් ජනතාව බේරා ගැනිමට යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ කණ්ඩායම් බෝට්ටු සහ ආරක්ෂිත උපකරණද සමග පිටත්කර යවා ඇති බවයි.

Loading

දකුණ යටවෙයි.. මාතරට අසාධ්‍යයි.!

දකුණ යටවෙයි.. මාතරට අසාධ්‍යයි.!

දකුනු පලාතට අඛණ්ඩව ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මාතර දිස්ත්‍රික්කය ඇත්ළු නගර හා ගම් රැසක් යට වී ගමනාගමන කටයුතු ද අඩාල වී ඇති බව සඳහන්.

මේ වනවිට අකුරැස්ස,පිටබැද්දර,දෙයියන්දර,මාකදුර,කඹුරුපිටිය,පලොල්පිටිය,කිරින්ද ,යටියන ආදී ප්‍රදේශ බොහොමයක් ජලයෙන් යටවී ඇති බව වාර්ථා වේ.

මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසුමේ ඉදිරිපස මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ගොස් ඇති බවයි.

මේ වනවිට අධිවේගී මාර්ගයට කුඩා වාහන ඇතුළු කිරීම නවත්වා ඇති අතර ලොරි රථ සහ තෝරාගත් බරවාහන සඳහා පමණක් දිය මතින් ගමන් කිරීමට ඉඩ දී ඇති අතර, අතර ගාල්ල සහ කොළඹ දිසාවේ සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහන ද වැලිපැන්න හුවමාරුවෙන් පිටවීමටද නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මාතර මහ දිසාපති ගනේෂ අමරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, නිල්වලා ගගේ ඉහළ කොටසට මහ ගංවතුර මට්ටම ඉක්මවා වර්ෂාපතනය ලැබී ඇති නිසා පහත්බිම් වල ජනතාව අවධානයෙන් පසු වන ලෙසයි.

Loading

කාළගුණය අධි අවදානම්.. අවිස්සාවේල්ලේ 4 ක් ජීවිතක්ෂයට.!

කාළගුණය අධි අවදානම්.. අවිස්සාවේල්ලේ 4 ක් ජීවිතක්ෂයට.!

කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති අතර ග්‍රාම නිලධාරී ප්‍රදේශ 11 ක ජනතාව ජලයෙන් යටවී පීඩාවට පත්ව ඇති බවයි.

අවිස්සාවේල්ල පුවක්පිටිය දකුණ ග්‍රාම නිලධාරී වසමේ දියේ ගිලී එකම පවුලේ තිදෙනෙක්ද පස් කන්දකට යටවීමෙන් තවත් පුද්ගලයෙකුද මිය ගොස් ඇති බව වාර්තා වේ.

ගංවතුර හේතුවෙන් කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා හයිලෙවල් මාර්ගයේ වාහන ගමනාගමනය ඇණහිට ඇති අතර පුවක්පිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී වාහන ගසාගෙන ගොස් ඇති බවද ප්‍රදේශවාසීහු පවසති.

Loading

මහ වැස්ස ප්‍රචණ්ඩ වෙයි.. පුත්තලමට අසාධ්‍යයි.!

මහ වැස්ස ප්‍රචණ්ඩ වෙයි.. පුත්තලමට අසාධ්‍යයි.!

පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් පැවසූවේ ඊයේ (18) රාත්‍රියේ සිට අද අලුයම දක්වා ඇද හැලෙනා මහා වර්ෂාවෙන් මහකුඹුක්කඩවල, කරුවලගස්වැව, මාදම්පේ, මුන්දලම, පුත්තලම, හලාවත, ආරච්චිකට්ටුව යන ප්‍රාදේශීය ලේකම් වසම් වල පවුල් 4769 ක පුද්ගලයින් 19128ක පිරිසක් පිඩාවට පත්ව ඇති බවයි.

දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසූවේ ඉන් වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොඨඨාශයේ වන අතර එහි ග්‍රාම නිළධාරී වසම් 11 ක පවුල් 4582 ක පුද්ගල‍ෙන් 18497 ක පිරිසක් එසේ අවතැන්ව ඇති බවත් ය.

ගංවතුර හේතුවෙන් මෙලෙස පිඩාවට පත්වු ජනතාව අතරින් පවුල් 340 ක පුද්ගලයින් 1140 ක සංඛ්‍යාවක් ආරක්ෂීත ස්ථාන හතරක ‍රඳවා ඇති බවත් අදාල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා අනිකුත් රාජ්‍ය නිළධාරීන්ද සම්බන්ධ කර ගනිමින් එම පිරිස් වෙත පිසු ආහාර ලබා දීමටද මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ.

Loading

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස.. දරුණු වෙයි.!

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස.. දරුණු වෙයි.!

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ, මහනුවර නගරයට ඊයේ (16) සවස ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය ඇතුළු මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී රථ වාහන ධාවනයට ද බාධා ඇතිවූ බවයි.

එම වර්ෂාවත් සමඟ බෝගම්බර ඉහළ කඳු මුදුනින් ගලා ආ විශාල ජල ධාරා හේතුවෙන් දුම්රිය ස්ථානය ඉදිරිපස සහ ඒ අවට සම්පූර්ණයෙන් ජලයෙන් යට වී ගිය අතර දුම්රිය මාර්ගද සැලකිය යුතු මට්ටමකින් ජලයෙන් යට වී ගියේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ ඊයේ (16) මහනුවර නගරයට පස්වරු 2.00 පසු මිලිමීටර් 100 කට අධික වර්ෂාපතනයක් එකවර ඇදහැලුන බවයි.

දීර්ග කාලයක් පුරාවට කාණු පද්ධතිය පිරීයාමත් නගරය පුරා අනවසර ඉදිකිරීම් නිසාත් නුවර නගරය සුළු වැසි තත්වයන්ගෙන් උවද ජලයෙන් යටවී යන බව ප්‍රදේශවාසීන් පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් දිගින් දිගටම බලධාරීන් දැනුවත් කළද, නිසි පිළිතුරක් නොමැති වීමෙන් ජනතාව මහත් අසීරුතාවට පත්ව ඇති බවයි.

Loading

ගංවතුර තත්වයකින් ඇෆ්ගනිස්තානයට දරුණු  බලපෑම්.. මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි.!

ගංවතුර තත්වයකින් ඇෆ්ගනිස්තානයට දරුණු බලපෑම්.. මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි.!

තලේබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්දුල් කානි ඊයේ (11) මාධ්‍ය වෙත පවසා සිටියේ උතුරු ඇෆ්ගනිස්තානයට ඉකුත් සිකුරාදා සිට ඇද හැලෙනා ධාරානිපාත වර්ෂාවත් සමඟ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් එරට පුද්ගලයින් 153 දෙනෙකු මියගොස් ඇති බවයි

මෙම තත්වය හේතුවෙන් එරට පළාත් තුනක තුවාල ලැබූ සංඛ්‍යාව 138ක් පමණ වන අතර නිවාස 1,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වෙතත් ගංවතුර හේතුවෙන් දරුණුතම බලපෑමට ලක් වූ බග්හ්ලාන් පළාතේ පමණක් පුද්ගලයින් 300කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) පෙන්වා දෙයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close