ප්‍රතිපත්ති

NPP විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම හෙට.. ඇමෙරිකාවේ කීර්තිමත් විද්‍යාඥයෙකුත් දිවයිනට.!

NPP විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම හෙට.. ඇමෙරිකාවේ කීර්තිමත් විද්‍යාඥයෙකුත් දිවයිනට.!

ජාතක ජන බලවේගයේ විද්‍යා තාක්ෂණික ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ ප්‍රධානී මහාචාර්ය ගෝමික උඩුගම සූරිය මහතා පවසා සිටියේ, ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය හෙට පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ දී එළිදැක්වීමට නියමිත බවයි.

මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා වසර ගණනාවක් තිස්සේ එක්සත් ජනපදය රැඳී සිටිමින් පිළිකා ඖෂධ සඳහා බලපෑ හැකි සංයෝග පිළිබඳ තම පරීක්ෂණ මෙහෙයුමින් සිටින මහාචාර්ය වරයෙකි.

මහාචාර්යවරයා පවසා සිටියේ ජන බලවේගයේ විද්‍ය හා තාක්ෂණ ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා විශේෂඥයෙන් 15-20 අතර සංඛ්‍යාවක් සහභාගි වූ බවත් එම කණ්ඩායම තුළ ශ්‍රී ලාංකික විද්‍යාඥයන් මෙන්ම එක්සත් ජනපදය කැනඩාව, ඔස්ට්‍රේලියාව ආදි රටවල් වල විද්‍යාඥයන් සිටිනා බවත්ය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාව තුළ විසිරී සිටින පරීක්ෂකයන් එකතුකර නිවැරැදි රාමුවක් යටතේ ආර්ථික සහ සමාජීය සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීම එම ප්‍රතිපත්ති මූලික අරමුණක් බවයි.

එම ප්‍රතිපත්තිය හරහා කෘෂිකාර්මික, සෞඛ්‍ය අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ, ප්‍රවාහන ආදී සෑම කලාපයක් ඔස්සේ මෙම ප්‍රතිපත්තිය විහිද යන බවත් එම ප්‍රතිපත්තියේ අවසාන අරමුණ වනුයේ මෙරට ආර්ථික සහ සමාජීය අභිවෘද්ධිය බවයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close