ප්‍රමිතියෙන් තොර ඖෂධ

ප්‍රශ්නගත ප්‍රතිජීවක ඖෂධයක් හේතුවෙන් තවත් ජීවිත බිල්ලක්.!

ප්‍රශ්නගත ප්‍රතිජීවක ඖෂධයක් හේතුවෙන් තවත් ජීවිත බිල්ලක්.!

කොළඹ ජාතික රෝහලේ 17 වාට්ටුවේ ප්‍රතිකාර ලබම්න් සිටි තිස් හැවිරිදි රෝගියෙකු ප්‍රතිජීවක ඖෂධයක් ආසාත්මික වීම හේතුවෙන් මිය ගිය පුවතක් වාර්තා වේ.

පිළිසුම් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අදාල රෝගියා Cefuroxim නම් ප්‍රතිජීවක ඖෂධය ලබා දීමත් සමග දරුණු අසාත්මිකතාවයක් ඇතිවීමෙන් මිය ගොස් ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛද්‍ය. වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති චමල් සංජීව මහතා පැවසුවේ ප්‍රමිතියෙන් තොර ඖෂධ නොමැති බවට මාධ්‍ය ඉදිරියට යෑම වෙනුවට පවතින ඖෂධ තොග කඩිනමින් පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය බවයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close