පියුමි හංසමාලි

පියුමි හංසමාලි නිර්දෝෂීයි.!

පියුමි හංසමාලි නිර්දෝෂීයි.!

අද (1) පස්වරුවේ නාරාහේන්පිට පිහිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් පිළිබඳව විමර්ශන ඒකකයේ පෙනී සිටීමෙන් අනතුරුව ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි මහත්මය මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

ඉහිදී ඇය පවසා සිටියේ, ඉතාම සාධාරණ ව්‍යාපාරවලින් තමන් මුදල් උපයා ඇති බවත් කිසිඳු අවස්ථාවක මත්ද්‍රව්‍ය ව්‍යාපාර කර නොමැති බවත්ය.

කාන්තාවක් ලෙස යමක් හැදෑරීමෙන් පසුව ව්‍යාපාරයක් කරගෙන යන විට මෙවැනි චෝදනා කිරීම පිළිබඳව කණගාටු වන බවත් කුමන චෝදනා කළත් තමන් නිර්දෝෂි බැවින් කිසිඳු ප්‍රශ්නයක් නොමැති බවත් පියුමි හංසමාලි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

තමාට අයත් බැංකුවල ගිණුම් 20 ක් නොමැති අතර ගිණුම් නවයක් පමණක් ඇති බවත් ඒ සෑම ගිණුමක්ම ව්‍යාපාරිකයට අදාල ඒවා බවත් බොරු චෝදනා කළ පුද්ගලයන්ට ඒවා පළදෙන බවත් ඇය පැවසීය.

එමෙන්ම ඇය අලෙවිකරණා රූපලාවණ්‍ය නිෂ්පාදනයක් රුපියල් 35,000ක් පමණ වන බවත් මේ වනවිට බොහෝ ප්‍රමාණයක් අලෙවි වී ඇති බවත් ඊට අදාල තොරතුරු තමා සතු බවත් ඇය පැවසීය.

තමාට අයත් සැකසහිත ලෙස දේපළ උපයාගෙන ඇතැයි චෝදනාව සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් පිළිබඳව විමර්ශන ඒකකය තව දුරටත් විමර්ශන කරමින් සිටින බවත් ඒ හේතුවෙන් තවත් දිනයක් දැනුම් දෙන බව පැවසූ බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

Loading

පියුමි හංසමාලිට නඩු දැමූ සංජය මහවත්ත අත්අඩංගුවට.!

පියුමි හංසමාලිට නඩු දැමූ සංජය මහවත්ත අත්අඩංගුවට.!

ත්‍රස්‌ත විමර්ශන කොට්ඨාසය විසින් ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඊයේ (27) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් නිරූපිකාවක් වන පියුමි හංසමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන පරීක්ෂණයට අදාළ පැමිණිල්ල කරන ලද්දේ ද සංජය මහවත්ත විසිනි,

කෙසේවෙතත් මොහු අත්අඩංගුවට ගෙන තිබුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බව වාර්තා වේ.

Loading

පියුමිගේ බෙදාහැරීම් නියෝජිතයාගෙන් ප්‍රශ්න කිරීම අද.!

පියුමිගේ බෙදාහැරීම් නියෝජිතයාගෙන් ප්‍රශ්න කිරීම අද.!

නිරූපිකාවක් වන පියුමි හංසමාලි විසින් අලෙවි කළ රූපලාවන්‍ය නිෂ්පාදන බෙදාහැරීමේ ආයතනයේ හිමිකරු ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පොලිසිය වෙත අද (27) කැඳවීමට නියමිතව ඇත.

අදාල නියෝජිතයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය නියෝග කර ඇති බව පොලිසිය සඳහන් කරයි. එම නියෝජිතවරයා විමර්ශනයට සහය වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පොලීසිය විසින් සිද්ධිය අධිකරණයට යොමු කර තිබිණි.

එමෙන්ම පොලීසිය පැවසූවේ පියමි හංසමාලි පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන බවයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close