වෙසක්

පොසොන් සමයේ බැතිමතුන්ට පහසුකම් රැසක්.!

පොසොන් සමයේ බැතිමතුන්ට පහසුකම් රැසක්.!

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ පොසොන් සමයේ දිවයිනේ නන්දෙසින් අනුරාධපුර වෙත පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් සාමාන්‍ය ප්‍රවාහන සේවාවන්ට අමතරව 400කට වැඩි අතිරේක විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි.

ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පසුගියදා අනුරාධපුර ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මේ බවසඳහන් කළේය.

දිවයිනේ නන්දෙසින් අනුරාධපුර පූජා නගරය, මිහින්තලය සහ තන්තිරිමලය වෙත පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මකයි.

සභාපතිවරයා වැඩිදුරටත් පැවසූවේ අටමස්ථානාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර ඇතුළු පොසොන් කමිටුව සිදු කළ සාකච්ඡා අනුව කාර්ය මණ්ඩල යෙදවීම, අතිරේක බස් රථ යෙදවීම සහ අතිරේක බස් රථ ගාල් කිරීම ආදී කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට සැළසුම් කර ඇති බවයි.

Loading

කොළඹ වෙසක් බලන්න මේ පාරෙන් එන්න.!

කොළඹ වෙසක් බලන්න මේ පාරෙන් එන්න.!

සම්බුදු තෙමඟුල නිමිත්තෙන් කොළඹ නගරයේ පමණක් තොරණ 08ක් සහ වෙසක් කලාප 05ක් මෙවර ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

බාල­දක්ෂ මාවත පැරණි එම්.ඕ.ඩී. ගොඩ­නැ­ගිල්ල තිබූ ස්ථානය, මර­දාන ඩින්ස් පාරේ සීමන් හන්දිය, දෙම­ට­ගොඩ  හන්දිය, ඔරු­ගො­ඩ­වත්ත හන්දිය,  කොස්ගස් හන්දිය,  නව­ග­ම්පුර තොට­ළඟ පොල අසල,  බේවෘක් පෙදෙස,  මර­දාන ආනන්ද මාවතේ වයිර්ක් පිටිය, යන ස්ථානවල ප්‍රධාන තොරණ ඉදිකර ඇත.

එමෙන්ම කොළඹට ආසන්න තදාසන්න ප්‍රදේශ වන පෑලි­ය­ගොඩ මාළු වෙළෙඳ සැල අසල,  පෑලි­ය­ගොඩ නව­ලෝක හංදිය,  පිළි­ය­න්දල,  තල­ව­තු­ගොඩ,  මර­දාන,  කිරි­බ­ත්ගොඩ,  මාකොළ, කඩ­වත  මාලබේ,  කැල­ණිය ගෝන­වල,  ඔරු­ගො­ඩ­වත්ත,  අංගොඩ,  ගොත­ටුව,  කොට්ටාව, ගම්පහ ආදී ප්‍රදේශයන්හි තොරණ කිහිපයක් ඉදිකර ඇත.

කොළඹ නගරය ප්‍රධාන වෙසක් කලාප 05කින් සමන්විත වන අතර ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය, බුද්ධාලෝක වෙසක් කලාපය, සිරස වෙසක් කලාපය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පුජා වෙසක් කලාපය සහ අමාදහර වෙසක් කලාපය, මෙම කලාප කොළඹ කොටුව, කොළඹ පුරහල් පරිශ්‍රය, ගංගාරාම, කොළඹ 07 බේවෘක් පෙදෙස ඒ අතර වේ.

Loading

සිරකරුවන් 278ක් වෙසක් පොහොය නිමිත්තෙන් නිදහස්.!

සිරකරුවන් 278ක් වෙසක් පොහොය නිමිත්තෙන් නිදහස්.!

බන්ධනාගාර කොමසාරිස්,මාධ්‍ය ප්‍රකාශක,ගාමිණි බී. දිසානායක පැවසූවේ,ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව යටතේ මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන්278 දෙනකුට නිදහස ලබාදීමට කටයුතු කළ අතර ඉන් 10 දෙනකු කාන්තාවන් බවයි.

ඔවුන් හෙට(23) පෙරවරුවේ නිදහස ලබා බන්ධනාගාරවලින් පිටව යාමට නියමිත අතර,ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම සිරකරුවන්හට විශේෂ රාජ්‍ය සමාව ලබාදී ඇත.

බන්ධනාගාර 29කින් මෙලෙස සිරකරුවන් 278 දෙනෙක් නිදහස් කර ඇති අතර ඒ අතරින් වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් නිදහස ලබා ඇත්තේ මහර බන්ධනාගාරයෙන් වන අතර එම සංඛ්‍යාව 37කි, කෑගල්ල බන්ධනාගාරයෙන් සිරකරුවන් 29 ක්ද වාරියපොළ බන්ධනාගාරයෙන් සිකරුවන් 27ක්ද, අනුරධපුර බන්ධනාගාරයෙන් 20ක්ද,බෝගම්බර බන්ධනාගාරයෙන් 17ක්ද, කළුතර බන්ධනාගාරයෙන් 16ක්ද, ගාල්ල 12ක්ද,කුරුවිට බන්ධනාගාරයෙන් 12ක්ද ලෙස සිරකරුවන් නිදහස් කරනු ඇත.

Loading

ලහි ලහියේ ඉදිවෙන ඉතිහාසයේ විශාලතම සහ දර්ශනීයම තොරණ.!

ලහි ලහියේ ඉදිවෙන ඉතිහාසයේ විශාලතම සහ දර්ශනීයම තොරණ.!

ශ්‍රී ලංකාවේ වෙසක් තොරණ් ඉතිහාසයේ විශාලතම සහ දර්ශනීයම තොරණ තොටළඟ නාගලගම් වීදිය පොදු වෙළෙඳ පොළ ඉදිරිපිට මේ දිනවල ඉදිවෙමින් පවතිනු දක්නට ලැබේ.

තොටළග ශ්‍රී වෛශාඛාලෝක තොරණ සමිතිය මගින් 69 වන වරටත් ඉදිරිපත් කරනා මෙවර තොරණ උසින් අඩි 80කට වැඩි සහ පළලින් අඩි 80 ක් පමණ වූ උත්පලවර්ණා කතා පුවත තේමාව කොට නිර්මාණය කෙරේ.

තොටළඟ වෙළෙඳ ප්‍රජාව හා ප්‍රදේශ වාසින්ගෙ දායකත්වයෙන් ඉදිවන තොරණ් රාජයාගේ කටු තොරණ සහ විදුලි රටා නිර්මාණය ප්‍රවීණ විදුලි ශිල්පී නාරම්මල සුසන්ත පියල් ( සද හිරු ඉලෙක්ට්‍රිකල්ස් ආයතනය නාරම්මල ) විසින් සිදු කෙරෙන අතර චිත්‍ර සහා සැලසුම ප්‍රවීණ චිත්‍ර ශිල්පී යක්කඩුවේ ආනන්ද ජයලත් අතින් නිම වෙන බව සඳහන්.

Loading

වෙසක් සතියේ මතට තිත.. දින කිහිපයක් සුරාසැල් වැසේ.!

වෙසක් සතියේ මතට තිත.. දින කිහිපයක් සුරාසැල් වැසේ.!

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

එහි සමාරම්භක උළෙල මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේ දි සහ සමාප්ති උළෙල පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මිල්ලවාන ශ්‍රි සුනන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

මෙවර වෙසක් සතිය මැයි මස 21 දින සිට 27 වන දින දක්වා කාලය ලෙසද ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ හේතුවෙන් දිවයිනේ පිහිටි සුරාසැල් දින කිහිපයක් වසා දැමීමට නියමිත බව සඳහන්.

Loading

වෙසඟේ වියදම සැර වෙන ලකුණු.!

වෙසඟේ වියදම සැර වෙන ලකුණු.!

පසුගිය වසරට සාපේක්ෂව වෙළද පොළේ වෙසක් සැරසිලි මිළ ගණන් මෙවර 30% – 40% අගයකින් ඉහළගොස් ඇතිබව වෙළදුන් පවසයි, එම මිල ඉහල ගොස් ඇති සැරසිලි අතර වෙසක් කූඩු, ඇතැම් බකට්, විදුලි බුබුලු වැල් ආදිය ඇතුළත් වේ, පවතින අමුද්‍රව්‍ය හිඟය සහ ඉහළ මිල හේතුවෙන් ඇතැම් වෙසක් සැරසිළි මිල ඉහළ යාමට හේතුවී ඇති බව මෙරට වෙසක් සැරසිලි නිෂ්පාදකයන් පවසති.

මේ දිනවල දිවයිනේ බොහෝ නගර වල වෙලද සැල් වෙසක් සැරසිලි වලින් පිරී පවතියද පසුගිය වසර වලට සාපේක්ෂව අලෙවිය පහත බැස ඇති බව වාර්ථා වේ.

පසුගිය වසරේ රුපියල් 200ක පමණ මිලකට පැවති කුඩා විදුලි බල්බ වැලක් රුපියල් 300 ත් 350 අතර මිළකට මෙවර අලෙවි කෙරෙන බව පැවසෙන අතර ප්ලාස්ටික් වෙසක් කූඩුවක මිල ද රුපියල් 100කට ආසන්න මිලකින් ඉහළගොස් තිබේ.

කෙසේ නමුත් වෙසක් සව් කඩදාසි මිල මෙවර රුපියල් 05 කින් පමණ අඩු වී ඇති බව වාර්ථා වේ.

Loading

වෙසක් දන්සැල් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්!

වෙසක් දන්සැල් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්!

මෙවර වෙසක් පොහොයට සමගාමීව දිවයින පුරා සංවිධානය කරන දන්සැල් සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට තම සූදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට ගොස් දර්ශන ලියාපදිච්ච කර ඊට අදාළ උපදෙස් ලබා ගත හැකි බවයි, එමෙන්ම වෙසක් පෝය සඳහා දන්සැල් සංවිධානය කිරීමේදී නිසි සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුව ආහාර සකස්කිරීම් සහ පිළිගැන්වීම් කටයුතු සිදුකළයුතු බව එම සංගමය පවසයි. එසේ ප්‍රමිතීන්ට අනුකූල නොවන දන්සැල් වහාම අත් හිටුවීමටත් ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගැනීමටත් බලාපොරොත්තු වන බව සභාපති වරයා වැඩිදුරතත් පැවසීය.

එමෙන්ම වෙසක් සතිය තුළ ක්‍රියාත්මක වන දන්සැල් අදීක්ෂණ කටයුතු සඳහාද විශේෂ වැඩපිලිවෙළක් සකස් කර ඇති බව එතුමා වැඩිදුරටත් පැවසීය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close