ශානි අබේසේකර

“ශානි, ඔබට මා යුක්තිය ඉටුකරනවා” අනුර ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රතිඥා දෙයි.!

“ශානි, ඔබට මා යුක්තිය ඉටුකරනවා” අනුර ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රතිඥා දෙයි.!

ජාතික ජන බලවේගය විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ ජාතික සමුළු මහරගම ජාතික තරුණු සේවා සභා ශ්‍රවණාගාරයේ අද (09) පෙරවරුවේ පැවැත්විණි.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ මෙම සමුළුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඡේ.එ.කේ.මාර්ක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ‍අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දුල්ශාන් සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයන්හි කටයුතු කළ විශ්‍රාමික පොලිස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

එහිදී ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක අවධාරණය කළේ, පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අයිතිකරුවා දේශපාලකයා නොවිය යුතු බවයි.

තම රජයක් යටතේ පොලිස් දෙපාර්තමේන්තුව පමණක් නොවේ මුළු මහත් රාජ්‍ය යාන්ත්‍රණයම දේශපාලන අතකොළුවක් ලෙස භාවිතා නොකරනා බවත් පොකීසියේ ස්වාධීනත්වය මෙන්ම පොලිස් නිලධාරින්ගේ ගරුත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරනා බවත් ඔහු අවධාරණය කළේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ‍අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ආමත්‍රනය කරමින් අනුර දිසානායක මෙසේ පැවසීය

“අපි ඔබට සහතිකයක්න්දෙන්නම් ශානි, ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ ඔබට අපි යුක්තිය ඉටුකරනවා”

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close