සජිත් ප්‍රේමදාස

සජිත්ගෙන් ජන බලවේගයට ආර්ථික විද්‍යා උපකාර පන්ති.!

සජිත්ගෙන් ජන බලවේගයට ආර්ථික විද්‍යා උපකාර පන්ති.!

සමගි ජන බලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කලේ, ජාතික ජන බලවේගයට ආර්ථික වැඩපිළිවෙළක් හෝ ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුම ඇති කණ්ඩායමක් නොමැතිනම් ඒ සඳහා උපකාරක පන්ති හෝ පවත්වා උපකාර කිරීමට තමන් සූදානම් බවයි.

වීරකැටිය ප්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

විපක්ෂ නායක වරයා වැඩිදුරටත් කියාසිටියේ ජන බලවේගය සතුව දැනුම ඇති ආර්ථික කණ්ඩායමක් නොමැති හෙයින් විවාදය මඟහැරීමට කටයුතු කළ බවයි.

Loading

වරදාන රැසක් සමඟ තවත් මන්ත්‍රීවරු පිරිසක් සජිත් සමඟ සන්ධාන ගතවේ.!

වරදාන රැසක් සමඟ තවත් මන්ත්‍රීවරු පිරිසක් සජිත් සමඟ සන්ධාන ගතවේ.!

නිදහස් ජනතා සභාවේ දැනට ඉතිරි මන්ත්‍රීවරුන් සිව්දෙනා සමගි ජනබලවේගයට එක්වීම සඳහා වූ සාකච්ඡා සාර්ථක වී ඇති බව වාර්තාවේ.

සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් නායකයා ලෙස නිදහස් ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම පත් කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතින බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම චරිත හේරත්ට කුලියාපිටිය ආසන සංවිධායක තනතුරත් ලලිත් එල්ලාවලට පානදුර ආසන සංවිධායක තනතුරත් තිලක් රාජපක්ෂට අම්පාර සංවිධායක ධුරයත් ලබා දීමට නියමිත බව පැවසේ.

එම්ම කණ්ඩායම සමඟි ජන බලවේගය සමඟ එකඟතා ගිවිසුමක් අත්සන් කිරීමටද යෝජිත බව සඳහන්..

Loading

මනෝ රෆුෆ් ස.ජ.බ දීගය අත් හැරීමට සැරසෙයි.. නායකත්වය පිළිබඳ කලකිරීමක්.!

මනෝ රෆුෆ් ස.ජ.බ දීගය අත් හැරීමට සැරසෙයි.. නායකත්වය පිළිබඳ කලකිරීමක්.!

ස.ජ.බ සමඟ සන්ධානගත වී සිටින දේශපාලන පක්ෂ දෙකක් ඉන් ඉවත් වීමට සුදානමක් පවතින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය මෙසේ ඉවත්වීමේ තත්ත්වයට පත්ව ඇත්තේ සමගි ජන බලවේගයේ නායකත්වය සම්බන්ධයෙන් ගොඩනැගී ඇති කළකිරීම බව පැවසේ.

ස.ජ.බ නායකයා තම ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට උත්සාහ කිරීම හැර පක්‍ෂය ගොඩනැගීමට උනන්දු නොවන බවත් එම පාර්ශව චෝදනා කරයි.

ඒ අනුව නුදුරේදීම මෙම පක්ෂ දෙක දේශපාලනික වශයෙන් ඉවත්වීම සඳහා තීන්දු ගැනීමට නියමිත බවද වාර්තා වේ.

Loading

ස.ජ.බ කූඨ ප්‍රයත්නයක් අතේ පත්තු වෙයි.. අනුරට යකු නගී.!

ස.ජ.බ කූඨ ප්‍රයත්නයක් අතේ පත්තු වෙයි.. අනුරට යකු නගී.!

පසුගියදා පොළොන්නරුව ප්‍රදේශයේදී පැවති ස.ජ.බ ජන හමුවක් ඇතරතුර ජවිපේ සාමාජිකයෙකු සමගි ජනබලවේගය හා එක්වූ බවට ස.ජ.බ විසින් මාධ්‍ය හරහා සිදුකළ ප්‍රචාරය සම්පූර්ණ අසත්‍ය ප්‍රචාරයක් බව ප්‍රකාශ කරමින් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසා සිටියේ, එම පුද්ගලයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙකු බවයි.

ඔහු මන්නාරම ප්‍රදේශයේ පැවැති රැස්වීමකට එක්වෙමින් වැඩිදුරටත් පවසා සිටියේ, පොළොන්නරුව මහ නගර සභාවට බැඳිවැව කොට්ඨාශයෙන් තරඟ කිරීම සඳහා නාමයෝජනා බාරදුන් සමන් කුමාර යන පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, නිදහස් පක්ෂ සාමාජිකයන් අද සජබෙට ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් බවට පත්ව ඇති බවත් මීට හේතුව වනුයේ මොනයම් ආකාරයකින් හෝ ජනතාව රවටා බලය ලබාගැනීම බවයි.

Loading

ජනාධිපති ලේකම් කාර්යාල 25ක් දානවා.. සජිත් ජනපතිගෙන් ඉක්මන් විසඳුම්.!

ජනාධිපති ලේකම් කාර්යාල 25ක් දානවා.. සජිත් ජනපතිගෙන් ඉක්මන් විසඳුම්.!

සමගි ජනබලවේගය පොළොන්නරුවේ සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ, ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු දිවයින පුරා සියලුම දිස්ත්‍රික්කවල ජනාධිපති ලේකම් කාර්යාලයන්හි උප කාර්‍යාල ආරම්භ කරනා බවයි.

එතුමා වැඩිදුරටත් පැවසූවේ ඉන් පසු ජනතාවට තම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා තම ගැටලුවට කාර්යක්ෂම විසඳුමක් ලබා ගත හැකි බවයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම නායකයෙක් විපක්ෂයේ සිට ජනතාව වෙනුවෙන් තමා මෙන් වැඩ නොකළ බවත් තමන් ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට පටන් ගත්තේ විපක්ෂයේ සිට බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Loading

සජිත් ගොනාට ඇන්දුවේ කව්ද.?

සජිත් ගොනාට ඇන්දුවේ කව්ද.?

විශාල ප්‍රචාරයක් සහිතව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු බව පවසමින් සමගි ජනබලවිගය පොළොන්නරුව ප්‍රදේශයේ සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගී වූ පුද්ගලයා සැබවින්ම හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයෙකු බව අනාවරණය වී ඇත.

ජ.වි.ප පොළොන්නරුව නගර සභා අපේක්ෂකයකු යැයි කියමින් ස.ජ.බ වේදිකාවට ගොඩ වූ සමන් බණ්ඩාර නමැති පුද්ගලයා පසුගිය මැතිවරණයට නාමයෝජනා භාර දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බවද මැතිවරණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සඳහන් කරයි.

මේ බව තහවුරු කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මන්නාරම් ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී කියා සිටියේ සමගි ජන බලවේගයට එක් වූ පුද්ගලයා තම පක්‍ෂයේ අයෙකු නොවන බවය.

Loading

අවි අමෝරා ගත් මහා නපුරු පෙනුමක් මවා ගත් කයිය නායකයොන්ට මම බය නෑ.. සජිත් අම්බන්තොට දෙවනත් කරයි.!

අවි අමෝරා ගත් මහා නපුරු පෙනුමක් මවා ගත් කයිය නායකයොන්ට මම බය නෑ.. සජිත් අම්බන්තොට දෙවනත් කරයි.!

අම්බලන්තොට බස් නැවතුම්පොළ අසළ පැවැති සමගි ජන බලවේග ජන පවුර වැඩසටහන හා එක්වෙමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කියා සිටියේ, තමා ඇතුළු පිරිස අවි අමෝරා ගත් මහා නපුරු පෙනුමක් මවා ගත් කයිය නායකයොන්ට බිය නැති බවත් මේ රටේ ජනතාව අපේක්ෂාවෙන් සිටින්නේ ගරා වැටුණු කඩා වැටුණු ලක්ෂ 220කගේ ජන ජීවිත කවුද දුකින් මුදවා ගන්නේ කියා බවත් මේ මොහොතේ රටට අවශ්‍ය පෙනුම, මායම හෝ ඇන්දවිල්ල නොවන බවත් ය.

ඔහු කියා සිටියේ, තමා බලයක් නොමැතිව විපක්ෂයේ සිට හුස්ම සහ සක්වල වැඩසටහන් හරහා සුවිශාල සේවයක් කර ඇති බවත් ගර්භණී මව, කුඩා දරුවා, තරුණයා, වැඩිහිටියා දක්වා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ලක්ෂ 220 ගොඩගන්න තමා කටයුතු කර ඇති බවත්ය.

බංකොලොත් රටේ වැඩ කරන්නේ කොහොමද කියා කයිය නායකන්ට වැඩ පෙන්වන්න තමාට වරම ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, බංකොලොත් වූ අප රටට දැවැන්ත හයියක් දැවැන්ත මූල්‍ය ශක්තියක් සමගි ජන බලවේගය ලබාදෙන බවයි.

එමෙන්ම ඔහු කියාසිටියේ, රටේ එක් කණ්ඩායමක් බලය තියාගෙන කයිවාරු ගහන විට තවත් කණ්ඩායමක් විපක්ෂයේ සිට කයිය ගහන බවත් ජනතාව දුක් කම්කටොලු‍ මැද ජීවත් වන අවස්ථාවක කයිය ගහමින් ඉන්නවාට වඩා සමගි ජන බලවේගය මෙන් වැඩ කර පෙන්වන ලෙසත් ය.

මෙම අවස්ථාවේ අප රටට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය බව ප්‍රේමදාස විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Loading

සජිත් ජනාධිපතිවරණයට තරඟ කරන් නෑ.. ලාල් අමුතු සැලැස්මක් හෙලි කරයි.!

සජිත් ජනාධිපතිවරණයට තරඟ කරන් නෑ.. ලාල් අමුතු සැලැස්මක් හෙලි කරයි.!

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත ‘අදිටන විශ්‍රාමික රණවිරු’ නම් රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් කියා සිටියේ රටක දේශපාලනය යනු කාලගුණය මෙන් නිතර වෙනස් වන දෙයක් බවත් ඉදිරි මාස දෙකේදී දේශපාලන වෙනස්කම් රැසක් සිදුවීමට නියමිත බවත්ය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සජිත් ප්‍රේමදාස ජනාධිපති තරගයට තරග නොකරනු ඇති බවත් තරගය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහත්, අනුර කුමාර දිසානායකත් අතර පමණක් බවත්ය.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

“ඉදිරියේදී පවත්වන ඕනෑම මැතිවරණයකට ජාතික ජන බලවේගය සූදානම්. පොහොට්ටුවේ සිටින සමහර මන්ත්‍රීන් ඇමැතිම් ලබාගන්න ආණ්ඩුවට හේත්තු වෙලා සිටියට පොහොට්ටුවේ පහළ මට්ටමේ පිරිස අද එකතුවෙලා ඉන්නේ ජාතික ජන බලවේගය සමඟ.

නිදහසින් පසු වසර 75ක් මේ රට පක්‍ෂ දෙකක් විසින් මාරුවෙන් මාරුවට පාලනය කළා. එම කණ්ඩායම තවත් වසර 5ක් රට පාලනය කිරීමේ උත්සායක යෙදෙනවා.

Loading

සජිත් මුදල් ඇමතිවරයා නම් කරයි.!

සජිත් මුදල් ඇමතිවරයා නම් කරයි.!

ගාල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියේ, ඉදිරියේදී ස.ජ.බ විසින් ගොඩනඟනා ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා මේ වනවිටත් තෝරාගෙන ඇති බවයි.

ස.ජ.බ සතුව රටේ වගකීම දැරීම සඳහා වඩාත් සුදුසු සහ ඊට අවශ්‍ය සුදුසුකම් සැපිරූ අමාත්‍ය මණ්ඩලයක් සිටිනා බව ඔහු පවසා සිටියේය.

ඒ අතරින් වගකීම් සහිත අමාත්‍ය ධූරයක් වන මුදල් අමාත්‍යධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පත් කිරීමට තමා බලාපොරොත්තු වන විපක්ෂ නායක වරයා පවසා සිටියේය.

එවන් පසුබිමක ආචාර්‍ය හර්ෂද සිල්වා මහතා ස.ජ.බ මහ ලේඛම් රංජිත් මද්දුමබණ්ඩාර සම්බන්ධයෙන් යම් මතභේදාත්මක ප්‍රකාශයන් කිහිපයක් සිදුකරනු ලැබුවේ පසුගිය සතියේ මහලේඛම් වරයා විසින් රූපවාහිනී වැඩසටහනක් හා එක්වෙමින් සිදුකළ ප්‍රකාශයන්ට එරෙහිවයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close