රනිල්ගේ කළ වැඩේ රෝහිතටත් කළ හැකියි.. කුට්ටි කියයි.!

අද (30) අගලවත්තත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ආසන සමුළුව අමතමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි කියා සිටියේ පොහොට්ටුව විසින් ඉදිරි ජනාධිපතිවරණයේදී වෙනම අපේක්ෂකයෙකු අනිවාර්යෙන්ම ඉදිරිපත් කරනා බවයි.

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවට පත් කරන ලද්දේ ඒ මොහොතේ ඇති වූ ප්‍රශ්න ටික විසඳාගැනීමට පමණක් බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපති පුටුවට රනිල් වික්‍රමසිංහ වෙනුවට රෝහිත අභයගුණවර්ධන, කංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ ආදී අයවලුන් පත් කළත් එම කටයුත්ත හරි ආකාරයට කරනා බවයි.

ඔහු තවදුරටත් පවසා සිටියේ, පෝලිම් නතර කළා කියා, දෙකයි පනහට කන්න දුන්නා කියා හෝ කිරිපිටි මිල අඩු කළා කියා නායකයන් පත් කිරීමට නොහැකි බවයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close