බස් රථ ආනයනය ඇරඹේ.. අනෙකුත් වාහන ජනවාරියේ.!

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන පරිදි, ඉදිරි දින කිහිපය තුළ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබීමත් සමඟ බස් රථ හා ලොරි රථ ආනයනය සඳහා වන පළමු අදියර ආරම්භ වීමට නියමිතය.

සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේ, මෝටර් රථ ආනයනය දෙවන හා තුන්වන අදියරයන් ලෙස ලබන වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවලදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

වාහන ආනයනයේ දෙවන සහ තුන්වන අදියර යටතේ මෝටර් රථ ගෙන්වීම ලබන වසරේ මාර්තු සහ අප්‍රේල් මාසය අතර කාලසීමාවේදී ආරම්භ වනු ඇති බවද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම තීරණය රටේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. භාවිත කළ වාහන ආනයනය සඳහා පවතින සීමා ලිහිල් කිරීමෙන් රටට විශාල ආදායමක් උපයා ගත හැකි බවත්, විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බවත් සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.