අසිරිමත් වෙසක් පුන් පොහෝ දිනය අදයි.!

ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද (23) වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි.

ලෝකවාසි බෞද්ධ ජනතාව ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙසක් දිනය සමරන අතර සිද්ධර්ථ කුමරුගේ උපත, බෝධිසත්වයන් වහන්සේගේ බුදුවීම හා පිරිනිවන් පෑම වෙසක් දින සිදු වූ සුවිශේෂී සිදුවීමයි.

බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනකය.

එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයයි.

විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව කියැවේ.

1885 වසරේ සිට වෙසක් දිනය ජාතික නිවාඩු දිනයක් වන අතර 2000 වසරේ සිට වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

වෙසක් පොහොය දිනය වෙනුවෙන් ලක්වාසී බෞද්ධ ජනතාව දන්සැල්, වෙසක් කලාප, ආදී අමිෂ පූජාවන් රැසක් පවත්වනු ලබයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS