පැය 15ක් ජල සැපයුම අත්හිටුවා ඇති ප්‍රදේශ මෙන්න.!

අද (29) දින පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටුවයි.

තවද මොරටුව මහනගර සභා බල ප්‍රදේශයේ අඩුපීඩන තත්ත්වය යටතේ ජලය සැපයෙන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තවදුරටත් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close