ඉදිරි පැය 36 සම්බන්ධයෙන් කාළගුණයෙන් විශේෂ නිවේදනයක්.!

දිවයිනේ ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාළගුණ අනාවැකි පල කර තිබේ.

එහි සඳහන් වනුයේ, නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවයි.

ඒ අනුව සබරගමුව පළාතේ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 150 150 පමණ ඉතා තද වැසි ඇති විය හැක.

බස්නාහිර සහ වයඹ පළාත්වලත්, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close