අයහපත් කාළගුණය ජීවිත 06ක් බිලි ගනී.. තත්ත්වය තවත් දරුණු වෙයි.!

දිවයින පුරා අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 06 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉදිරි පැය 24 තුළ සබරගමුව, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිරිතදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් සක්‍රීය වීමත් සමඟ ප්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතිනා අතර ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 104.6 නුවරඑළිය වටවල ප්‍රදේශයෙන් වාර්තා විය.

අධික වර්ෂාවත් සමඟ ඇති වූ තද සුළං හේතුවෙන් ගස් කඩා වැටී දේපළවලට හා නිවාසවලට හානි සිදු වූ අතර පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

හංවැල්ල ප්‍රදේශයේදී වර්ෂාවත් සමඟ මාර්ගයට කඩා වැටුණු ගසක ගැටීමෙන් යතුරුපැදියක් පැදවූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු වග ප්‍රදේශයේ පදිංචිව සිටි උපුල් අනුරුද්ධ ලියනගේ නමැති 47 හැවිරිදි දෙදරු පියෙකි.

මේ අතර, පුත්තලම, මුන්දලම හන්දිය ප්‍රදේශයේ මාර්ගයක යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණියන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණියක් රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වී ඇත.

ඇය එම ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි තරුණියක් වන අතර ඇය සමඟ ගමන්කළ අනෙක් තරුණිය බරපතළ තුවාල ලබා හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබමින්
පසුවේ.

මේ අතර, හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම මාර්ගයේම ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැනීමෙන් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම හා බද්දේගම අතර කොටසේ අධිවේගී මාර්ගයට විශාල ගසක් කඩා වැටී වාහන ගමනාගමනයට බාධා එල්ල වූ අතර පසුව බලධාරීන් ඒකරාශී වී එක් මංතීරුවක් විවෘත කර ගමනාගමනයට ඉඩ සැලසීය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS