LIVE
By unusuma.lk on [last-modified] (LK time)
කටුනායක ගුවන් තොටුපොළ රේගුව විසින් රුපියල් මිලියන 250 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන දිවයිනට පැමිණි විදේශීය ජාතිකයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
අබුඩාබි සිට පැමිණි මැලේ ජාතිකයෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති බව රේගුව සඳහන් කළේය.
ඔහු සතුව තිබී සොයාගත් කොකේන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 05 කට අධික වන බව වාර්තා වේ.
මෙම පුද්ගලයා විසින් මත්ද්‍රව්‍ය තොගය කරල් ලෙස සකසා, සිය අත් බෑගයේ තිබූ චොකලට් අඩංගු ටින් තුළ සඟවා රැගෙන විත් තිබේ.





