By unusuma.lk on
(LK time)ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මාතලේ මහාධිකරණය අද (08) දින වරෙන්තු නිකුත් කර ඇත.
අධිකරණයට දැනුම්දීමකින් තොරව උපුල් තරංග විදෙස් ගතවීම හේතුවෙන් ඔහු ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගන්නැයි මහාධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
මෙම වසරේ මාර්තු මාසයේ පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේදී නිමාවට පත් වූ ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුදලට තරග පාවාදීම සදහා බලපෑම් කළ බවට උපුල් තරංග විසින් කළ පැමිණිල්ලකට අනුව විභාග වෙමින් තිබෙන නීතිකෘතයකට අධිකරණය හමුවේ පෙනී නොසිටීමට අදාළව එම නියෝගය නිකුත් කර ඇත.