ඡන්දදායකයාගේ සුළැගිල්ල වෙනුවට මහපට ඇඟිල්ල.!

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ, ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වෙන (26) දින ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල සළකුණු කිරීමට තීරණය කර ඇති බවයි.

ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල නොමැති නම් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ (262 වන අධිකාරය) 53 අ (3) අ, ආ (i) (ii) (iii) වගන්ති ප්‍රකාරව ඔහුගේ දකුණු අතෙහි වෙන යම් ඇඟිල්ලක් පාට කිරීමට නියමිතය.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතේ සුළැගිල්ල පාට කර ඇති බැවින් මතුවිය හැකි ගැටලුව නිරාකරණය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.