By unusuma.lk on
(LK time)මෙරටට විදේශීය සමාගම් දෙකකින් විදේශ ගමන් බලපත්ර මිලදී ගැනීමේ ක්රියාවලිය අභියෝගයට ලක්කර අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ නම් කර ඇත.
එපික් ලංකා පුද්ගලික සමාගම විසින් ගොනු කර ඇති පෙත්සමට අදාළව පෙත්සම්කාර පාර්ශ්වය විසින් මෝසමක් ඉදිරිපත් කරමින් එහි වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ නම් කර ඇත.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබූ සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුව කරුණු දක්වමින් ඊ- විදේශ ගමන් බලපත්ර මිලියන පහක් මිලදී ගැනීම වළක්වාළමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති නිසා තම සේවාදායකයින්ට දැඩි අගතියක් සිදුවී ඇති බව සදහන් කළේය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විරාන් කොරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විදේශ ගමන් බලපත්ර මිලදී ගැනීමේ ක්රියාවලිය අවිධිමත් ප්රසම්පාදන ක්රමවේදයක් යටතේ සිදුවී ඇතැයි පෙන්වා දුන්නේය.
පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අතර අදාළ අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්වශ්වයට නියෝග කළ අතර ඒ පිළිබඳ කරුණු විභාගය දෙසැම්බර් මස (09) වනදා සිදුකරන බව නියෝග කළේය.