සගවා තිබු තවත් සුඛෝපභෝගී ජීප් රථයක් හමුවෙයි.!

රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මිට්සුබිෂි මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය සිය භාරයට ගෙන ඇත.

මෙම සීපී ජේ ආර් 5556 අංකය සදහන් ජීප් රථය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකට අනුව එම අංකයට ලියාපදිංචි කළ තවත් මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රියක් කුලියාපිටිය ප්‍රදේශයේ තිබෙන බවට අනාවරණය විය.

අනතුරුව එහි නීත්‍යානුකූල හිමිකරුගෙන් විමර්ශන නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ගල්තැන්නේ ව්‍යාජ අංක තහඩු සහිත එම සුඛෝපභෝගී ජීප් රථය තෙල්දෙණිය කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරීන් බාරයට ගෙන ඇත.

දේව ගැතිවරයාගේ ගාල්තැන්නේ පිහිටි වාහන අංගනයේ සැක කටයුතු වාහන දොළහක් පමණ තිබෙන බවත් ඩිෆන්ඩර් රථ, මොන්ටේරෝ වර්ගයේ ජීප් රථ. කාර් රථ ඇතුළු වාහන ගණනාවක් ඇති බවද පොලිසිය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.