By unusuma.lk on
(LK time)ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ විවාදය එළඹෙන දෙසැම්බර් මස (03) සහ (04) දින පැවැත්වීමටත් අතුරු සම්මත ගිනුමට අදාල යෝජනා සම්මතය දෙසැම්බර් (05) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ යෝජනාව දෙසැම්බර් (03) වැනි අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, එදින පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා ඒ පිළිබඳ විවාදය පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර ඇත.
අනතුරුව දෙසැම්බර් (04) වැනිදා 9.30 සිට පස්වරු 5.00 දක්වා විවාදය පැවැත්වෙන අතර ඊට අදලා ඡන්ද විමසීම එදින පස්වරු 05.00ට පැවැත්වීමටත් 2025 වසරේ පළමු කාර්තුව සදහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිනුමට අදාල යෝජනා සම්මතය දෙසැම්බර් මස (05) වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය.