By unusuma.lk on
(LK time)මේ දිනවල පැවති ගැඹුරු පීඩන අවපාතය දිවයිනෙන් බැහැරට ගමන් කිරීමත් සමග මේ වන විට දිවයිනේ වායු ගුණාත්මක දර්ශකය සුළු වශයෙන් අහිතකර තත්වයටකට පත්ව ඇත.
කොළඹ ඇතුළු දිවයිනේ ප්රදේශ කිහිපයක අද පෙරවරුවේ සිට මීදුම් වැනි ස්වභාවයක් දක්නට ලැබුණු අතර දිවයිනේ ප්රදේශ රැසකට මේ වන විටත් වැසි ඇදහැලෙමින් පවතියි.
අද පෙරවරුව වනවිට කොළඹ, යාපනය, වව්නියාව, මහනුවර, ගාල්ල, හම්බන්තොට සහ මොණරාගල ඇතුළු නගර 15ක වායූ ගුණ තත්ව දර්ශකය සටහන් වී තිබුණේ, 101 – 150ත් අතර සුළු වශයෙන් අහිතකර තත්වයකි.
වායුගුණ තත්ත්ව දර්ශකයේ අගය 0 – 50 දක්වා පැවැතීම යහපත් ලෙස සලකන අතර 101 – 150 ක් දක්වා අගය සුළු වශයෙන් අහිතකර තත්ත්වයක් ලෙස සැලකෙයි.