ආපදාවක් වුවත් රටට වාසි සහගත තත්වයක්.!

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ පැවති අධික වර්ෂාපතනයත් සමග ආපදා රැසක් සිදු වුවද අධික වර්ෂාපතනය හේතුවෙන් වාසිදායක තත්ත්වයක් ද නිර්මාණය වී ඇති බවයි.

ඉකුත් 25 වනදා වන විට ප්‍රධාන ජලාශවල ජලය පැවතුනේ සියයට 53ක මට්ටමක බවත් ඒ අනුව මෙම කන්නයේදී කෘෂිකර්මාන්තය සඳහා ජලය සැපයීම අභියෝගාත්මක මට්ටමක පැවති බවත් එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර මහතා පැවසීය.

පෙර පැවති තත්වය තුල ඇතැම් ගොවි ජනපද ව්‍යාපාරවලට ජලය සැපයීමට නොහැකි අනතුරුදායක තත්ත්වයක්ද පැවති නමුත් මේ වන විට ප්‍රධාන වැව්වල සමස්ත ජල ධාරිතාව සියයට 81ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවසීය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව මෙම කන්නයේදී කෘෂිකාර්මික කටයුතු සඳහා ඉදිරියේදී ජලය සැපයීමේ ගැටලුවක් මතු නොවන බවයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.